ග්‍රෙගරි වැවේ අනතුරට පත් වූ ගුවන් යානය ගොඩ ගැනීමට අසීරු මට්ටමින් මඩේ එරිලා

Date:

නුවරඑළිය ග්‍රෙගරි වැවේ 01/07 දින අනතුරට පත් වී ඇති සෙස්නා ග්‍රෑන්ඩ් කැරවෑන් – 208 ගුවන් යානය , එයින් ගොඩ ගැනීමට අසීරු මට්ටමින් මඩේ එරී ඇති බවත් , ඒ සදහා මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සහාය ලබා ගනිමින් තිබෙන බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී දමිත් රඹුක්වැල්ල මහතා පැවසීය.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සදහා “ඇනෙක්ස් – 13” නමින් විශේෂිත පරීක්ෂණ කමිටුවක් ද ස්ථාපිත කර ඇති බව ද දමිත් රඹුක්වැල්ල මහතා පැවසීය .

එසේම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ මග පෙන්වීම් ඔස්සේ මේ වනවිටත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ විමර්ශකයන් පිරිසක් එම ස්ථානයේ රැදී සිටිමින් සිය විමර්ශන සිදු කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙම ගුවන් යානය ගොඩ ගැනීමෙන් පසු , එය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් මේ පිළිබද පූර්ණ විධිමත් පරීක්ෂණයක් සිදු කර එහි වාර්තාව ජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට ද තම අධිකාරිය පියවර ගන්නා බව දමිත් රඹුක්වැල්ල මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...