කතරගම දේවාලයෙන් මහරගම අපේක්ෂා රෝහලට නව මුළුතැන්ගෙයක්

Date:

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන පඳුරු මුදල් සහ ආධාර වලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉඳි කළ නව මුළුතැන්ගේ කාමරය (06) වෙනිදා විවෘත කෙරිණි.

රෝහලේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ගේ ආහාර අවශ්‍යතාව පෝෂදායිව නොමිලේ සපයා දීම පිණිස රජයේ රෝහලක ඉඳිකළ ප්‍රථම නවීන මුළුතැන් කාමරය මෙයයි.

පසුගිය වසරේ ආරම්භ කළ මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 40 වැයකර ඇති අතර ඊට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වය ලැබී ඇත.

විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස,රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න,කතරගම මහා දේවාලයේ හිටපු බස් නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර,රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු වෛද්‍යවරු සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...