ඩොලර් මිලියන 281 ක වාහන ආනයනය කරලා

Date:

ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසය දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 281 ක වාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළු වාහන ආනයනය සඳහා නොවැම්බර් මාසයෙන් අවසන් වූ මාස 11 ක කාලය තුළදී වැයකර තිබෙන මුළු වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,746 කි.

ඉකුත් වසරේ නොවැම්බර් මාසය වන විටදී චීන මහජන බැංකුව සමග වූ විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළුව දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන හයක්ව පැවතිණි.

ඉකුත් වසරේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.6කින් (පහයි දශම හය) අවප්‍රමාණයවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...