අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාවට වරම්

Date:

පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අතිශයින් තීරණාත්මක වූ මූලික වටයේ අවසන් තරගයේදී දුෂ්මන්ත චමීරගේ පන්දුවේ දක්ෂතා මතින් ලකුණු 6ක තියුණු ජයක් හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27 වැනිදා) සමත් විය. ඒ සමගින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග 700ක් පරාජයට පත් වූ සිව්වැනි කණ්ඩායම බවට පත් වීමට පාකිස්තානයට සිදුවිණි.

ලකුණු 185ක ඉලක්කයක් හඹායාම සඳහා පිළිතුරු ඉනිම ආරම්භ කළ පාකිස්තාන පිතිකරුවන් ප්‍රථම පන්දුවාර කිහිපයට සාර්ථකව මුහුණ දුන්නද ඉන්පසුව සිව්වැනි පන්දුවාරයේ සිට පන්දුයැවීම ආරම්භ කළ දුෂ්මන්ත චමීර පාකිස්තාන මුල් පෙළ බිඳ දැමීමට සමත් වූයේය. එහිදී ඔහු ලකුණු 4කදී සහිබ්සාදා ෆර්හාන්, බාබර් අසාම් සහ ෆකාර සමාන් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. අනතුරුව එශාන් මාලිංග වේගවත් පිතිහරඹයක නියැළුණු සයිම් අයුබ් දවාගත්තේය. පවර් ප්ලේ පන්දුවාර අවසන් වන විට පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 45ක් ලෙස දැක්විණි. එහෙත් එතැන් සිට ඉනිම ඇරැඹූ පාකිස්තාන නායක සල්මාන් අලි අගා නොදැවී ලකුණු 63ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම රැගෙන ආවද ශ්‍රී ලංකා පන්දුයැවීම හමුවේ ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වූ අතර පාකිස්තාන ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 178කට සීමා විය.

පකිස්තාන පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරායේදී ජයග්‍රහණය සඳහා කඩුලු 4ක් අතැතිව ලකුණු 10ක් ලබාගැනීමට අවශ්‍ය වූ අතර හොඳින්ම පන්දුව දර්ශනය වන නායක සල්මන් අලි අගාද කඩුල්ලේ රැඳී සිටියදී එය පකිස්තානයට පහසු ඉලක්කයක් ලෙසින් දිස්විය. නමුත් එහි පළමු පන්දුවට සල්මන් අගා වෙත ලකුණක් ලබා නොදුන් චමීරගේ දෙවැනි පන්දුවට සල්මන් හට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි. තුන්වැනි පන්දුව ලකුණු දෙකකට සීමා කළ චමීරගේ සිව්වැනි පන්දුව විනිසුරු විසින් කඩුල්ල මුවාකිරීමක් ලෙසින් නම් කළද රිවීව් අවස්ථාවේදී එය පිත්තේ දැවටුණු පන්දුවක් වූ බැවින් දැවී යෑම අහෝසි විය. නමුත් ක්‍රිකට් නීති අනුව එම පන්දුවේදී පිතිකරුවන් විසින් දිවගිය ලකුණද අහෝසි වී යෑම ශ්‍රී ලංකාවට තීරණාත්මක ආශිර්වාදයක් වුණි. පස්වැනි පන්දුවේදී ‍ෆහීම් අෂ්රාෆ් එල්ල කළ පහර ලෝන්-ඕන් හී සිටි නායක දසුන් විසින් උඩපන්දුවක් ලෙසින් සුරැකිව රැකගත් අතර, අවසන් පන්දුවටද ලකුණක් ලබා නොදෙමින් ශ්‍රී ලංකාවට අවසන් මහා තරග වරම විවර කර දීමට චමීරට හැකිවුණි.

ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස පසුගිය තරගයේ ඉහළ සාර්ථකත්වයක් ලබාගත් පැතුම් නිස්සංක ලකුණු 7කට දැවී ගිය අතර එතැන් සිට ආරම්භක පිතිකරු කමිල් මිෂාර සමගින් එක්වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට වේගවත් ලකුණු 66ක් එක් කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනා එක්ව ප්‍රථම පන්දුවාර 6දී ලකුණු 58ක් රැස් කිරීම කැපී පෙනුණි. කමිල් මිෂාර සිය දිවියේ හොඳම විස්සයි විස්ස ඉනිම ක්‍රීඩා කළ කමිල් ලකුණු 76ක් රැස් කළේය. අවසන් පන්දුවාර 3දී පිටියට පිවිසි දසුන් ශානක වේගවත් ලකුණු 17ක් රැස් කළ අතර ජනිත් ලියනගේ නොදැවී ලකුණු 24ක් රැස් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...