රන් මිළ නැවත කැපී පෙනෙන ලෙස ඉහළට

Date:

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන ඉහළයාමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,150 ඉහළ ‍ගොස් ඇති බවයි.

මෙරට රන් මිල ඊයේ (24) දිනට සාපේක්ෂව රුපියල් 6,000කින් අද (25) දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක් මිල රු. 309,200ක් ලෙස දැක්වුණි.

ඊයේ (24) දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 303,600ක් ලෙසය.

මේ අතර ඊයේ දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...