3500කට අධික පිරිසකට ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා

Date:

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වර්ෂයේ ගතවූ කාලය තුළදී ශ්‍රි ලාංකිකයින් 3575 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 77 දෙනෙකු නොවැම්බර් මස 18 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගිය අතර, ඔවුන් වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින කාර්යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

එසේම තවත් 152 දෙනෙකු නොවැම්බර් මාසය තුළදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින අතර, තවත් 464 දෙනෙකු දෙසැම්බර් මාසය මුල් සතිය තුළදී ඊශ්‍රායලයට යාමට සූදානමින් සිටියි.

මේ අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ඇති රැකියා උප ක්ෂේත්‍රයක් වන යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ රැකියා සදහා 252 දෙනෙකු මෙම වර්ෂය තුළදී පිටත්ව ගොස් ඇති අතර, තවත් 34 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව යාමට සූදානමින් සිටියි.

නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරට යමින් යුරෝපානු හා නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රමිකයින් යොමුවීමේ ප්‍රවණතාවයක්ද මේ වන විට ඇතිවී තිබෙන අතර, ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමටද ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...