යුක්‍රේනයේ තට්ටු නිවාස දෙකකට රුසියානු ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර

Date:

යුක්‍රේනයේ බටහිර ටර්නොපිල් නගරයේ තට්ටු නිවාස දෙකකට අද (19) එල්ල කළ රුසියානු ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරය මගින් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එලෙසම Lviv සහ Ivano යන බටහිර කලාප දෙකට සහ උතුරු නගරයේ කාර්කිව් හි දිස්ත්‍රික්ක තුනක් ඉලක්ක කරගත් ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබා ඇති අතර ගොඩනැගිලි සහ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ගිනිගෙන ඇති බව සඳහන් වෙයි.

මේ හේතුවෙන් රට පුරා කලාප ගණනාවකට විදුලිය විසන්ධි වීම සිදුව ඇති බව යුක්‍රේනයේ බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව ඩ්‍රෝන යානා 470 කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල 47 ක් එල්ල කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...