රජයේ රෝහල් වල ඖෂධ හිඟයක්

Date:

මේ වන විට රජයේ ප්‍රධාන පෙළේ රෝහල් ඇතුළු රෝහල්වල Cefolaxime, cefexime, Amikacin යන ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ සහ Isopernaline යන ස්වසන පහසුව සලසන Salbutamol Respiratory Solutions සහ වමනය යන රෝගීන්ට දෙන iv Matachlopropamide එන්නත් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධවල බරපතළ හිඟයක් ඇතැයි වෛද්‍යවරු පවසති.

විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මනින Blood Glucose Strips පටි නොමැති වීම නිසා දියවැඩියා​ රෝගීන්ට ප්‍රතිකාර කිරීම බරපතළ අර්බුදයකට ගොස් ඇතැයි ද වෛද්‍යවරු හෙළි කරති.

මීට අමතරව සමස්තයක් වශයෙන් ගත් විට රටපුරා රජයේ රෝහල්වල ඖෂධ වර්ග සියයක පමණ හිඟයක් පවතින බවට ද තොරතුරු ලැබී ඇත.

මෙලෙස රෝහල්වල හිඟ ඖෂධ සියය සැලකිල්ලට ගත්විට ඇතැම් ඒවා රෝහල් කිහිපයක තිබෙන බවත්, ඇතැම් රෝහල්වල ඒවා නොමැති බවත් වෛද්‍යවරු කියා සිටිති.

ඖෂධ පිටතින් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී ඇති අතර අදාළ ප්‍රාදේශීය මිලදී ගැනීම් නිසා ඒ වෙනුවෙන් වැඩිපුර මුදල් ගෙවීමට වීමෙන් රජයට පාඩුවක් වන බවද ඔවුහු කියා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...