කතරගම වීදි සුනඛ ගහනය අඩු කිරීමට පියවර

Date:

කතරගම නගරය ඇතුළු අවට ප්‍රදේශ වල නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ගේ ගහනය අඩු කිරීමේ අරමුණෙන් සුනඛ සැත්කම්,රෝගීව සිටින සුනඛයින්ගේ වෙනත් සියලු රෝග සහ විශේෂයෙන් ජල භීතිකා එන්නත්කරණය නොමිලේ සිදුකිරීමේ වැඩසටහනක් 14 වෙනිදා ආරම්භ කෙරුණු අතර (23) වෙනිදා දක්වා පැවැත්වේ.

කතරගම ප්‍රාදේශීය සභාවේ සංවිධානයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ සම්බන්ධීකරණයෙන් “Help a Dog” සහ “Vets For Future” සංවිධාන මඟින් මෙම වැඩසටහන කතරගම ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කරයි.

කතරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සුනඛ ගහනය පාලනය කිරීමේ පස් අවුරුදු සැලැස්ම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර කතරගම ප්‍රදේශයේ විවිධ ස්ථාන වල සුනඛයින්ට ප්‍රතිකාර කෙරේ.සායන පැවැත්වෙන ස්ථානයන් කතරගම ප්‍රාදේශීය සභාව මඟින් දැනුවත් කිරීම සිදුකෙරේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ක්ෂේත්‍ර සායනයේ නියුතු අධ්‍යක්ෂ/පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා මෙසේ පැවසීය,
“Vets for future” පශු වෛද්‍ය සංවිධානය “Help a Dog” සංවිධානය සමඟ එක්ව කතරගම ප්‍රාදේශීය සභාව මුල්වී සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව එකතු වෙලා මේ වැඩසටහන කරන්නේ.

පාරේ සත්තු ඉන්න එක පාරේ මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් කරදරයක්.සතුන්ට ඉන්න තැනක් නෑ.වැස්සට තෙමෙනවා.අව්වට වේලෙනවා.කන්න හරියට නැහැ.කුෂ්ට රෝග හැදෙනවා.පාරේ වාහන වලට හැප්පෙනවා.මැරෙනවා.ඒක ඛේදවාචකයක්.කිසිම සතෙක් කැමති නැහැ රැකවරණයක් නැතිව පාරට වෙලා ඉන්න.පාරේ සතුන් ඉන්නකොට එයාර් බෑග් ඇක්සිඩන්ට් වැඩියෙන් සිදුවෙනවා.ජල භීතිකාව කියන මාරාන්තික රෝගය සුනඛයින්ගෙන් බෝවන්නේ.

සුනඛයන් සපා කෑම නිසා මිනිසුන් විස්සක් පමණ වසරකට මිය යනවා.සුනඛයින් සපාකන රෝගීන්ට වියදම් කරන්න රුපියල් මිලියන 600 පමණ රජය වැය කරනවා ලෙඩකට එච්චර මුදලක් යන එක අපරාධයක්.ලංකාවේ ඉන්න සත්තු ලක්ෂ පහක් අවුරුදු දෙකක් ඇතුලත වඳ සැත්කම් කරන්න පුලුවන් නම් වීදි සුනඛ ප්‍රශ්නය විසඳෙනවා.රජයටත් ඒක ආර්ථික වාසියක්.නොවැම්බර් 14 වෙනිදා ආරම්භ කළ මෙම වැඩසටහන 23 වෙනිදා දක්වා පැවැත්වෙනවා.සායන තියන තැන කතරගම ප්‍රාදේශීය සභාවෙන් ප්‍රචාරය කරනවා.එතැනට ඇවිත් තමාගේ සතාට වධ සැත්කම් කරගන්න.ජල භීතිකා එන්නත් ලබා දෙන්න.මෙම ජාතික කර්තව්‍යයට ඔබේ දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාප ධර්මපාල හේරත් මහතා ,

කතරගම පුද බිමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් දිනපතා පැමිණෙනවා.නිදැල්ලේ හැසිරෙන සුනඛය නිසා ඔවුන් දැඩි පීඩාවට පත්වෙනවා.රථ වාහන හිමියන්ද නිතර අනතුරුවලට ලක්වෙනවා. මාර්ගය දෙපස කුණු බඳුන් සුනඛයින් ඇද දැමීමෙන් මාර්ග අපවිත්‍ර වෙනවා.ඉදිරියේදී කතරගම සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේදී මෙම සුනඛ ගහනය පාලනය කිරීම ඉතාම වැදගත් කාරණාවක්.ඒ පිළිබඳව අවධානය යොමු කළ කතරගම ප්‍රාදේශීය සභාව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...