ඇපල් සමාගම iPhone සාක්කුවක් නිර්මාණය කරයි

Date:

ඇපල් සමාගම ‘රෙදි කැබැල්ලකින්’ ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ.

ඉහළ පෙළේ ජපන් සන්නාමයක් වන ‘ඉසි මියාකි’ සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද මෙම විශේෂ සංස්කරණය මෙම සතියේ නිකුත් කිරීමට ඇපල් සමාගම සැලසුම් කර ඇත.

මෙම ඉසී මියාකි නිර්මාණය අන්තර්ජාලය හරහා සහ ලොව පුරා තෝරාගත් වෙළඳසැල් වලින් නිකුත් කරන සීමිත සංස්කරණ උපාංගයකි.

2025 නොවැම්බර් 14 වන සිකුරාදා සිට, එය තෝරාගත් Apple Store ස්ථානවල සහ ප්‍රංශය, මහා චීනය, ඉතාලිය, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල apple.com හි ලබා ගත හැකි බව සඳහන්.

“iPhone Pocket ඔබේම ආකාරයෙන් iPhone පැළඳීමේ ප්‍රීතිය” යන සංකල්පය මත නිර්මාණය කර ඇති අතර මේස් එකකට සමාන මෙය විවිධ වර්ණවලින් සහ ප්‍රමාණ දෙකකින් පැමිණේ.

iPhone Pocket නිර්මාණය කිරීමේ ප්‍රධාන ඉලක්කය වන්නේ Apple iPhone නිෂ්පාදනයන්හි සෞන්දර්යාත්මක බව සහ භාවිතයේ බහුකාර්ය ලෙස නිර්මාණය කර ඇති බවට සමාජ ගත කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...