කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් වැසෙයි

Date:

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් දැනුම් දීමක් සිදුකර තිබේ.

එහි සඳහන් වන්නේ, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර දෙකක් යටතේ (2025.11.01 වන දින සිට 2026.01.31 වන දින දක්වා ) පාලමක් ඉදිකිරීමට නියමිතව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් දන්වා ඇති බවය.

ඒ අනුව,

මෙහි පළමු අදියරයේදී කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු දෙකකින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබයි.

දෙවැනි අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීම් සිදු කරන බැවින් එම කාලය තුල මංතීරු දෙකකින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබයි.

එබැවින් එක් මං තීරුව බැගින් වසා තබන දිශාවට ක්‍රියාත්මක වන බැවින් මෙම සම්පූර්ණ කාලය තුල එම මාර්ගයේ වාහන තදබදයක් ඇතිවීමට ඉඩකඩ ඇති බව දැනුම් දී තිබේ.

එබැවින් එහි ඉදිකිරිම් සිදුකරනු ලබන කාලය තුල කොළඹ මහනුවර මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...