මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළ යාමක්

Date:

ඔක්තෝබර් මාසයේ පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ ඔක්තෝබර් මස 23 වන දින වන විට සංචාරකයින් 119,670 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවය.

ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 1,845,164 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ඉහළ යාමක් දක්නට ලැබුණ ද සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට බලධාරීන් කටයුතු කර නොමැති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ගේ එකමුතුව පවසයි

එහි සභාපති සමීර සේනක ද සිල්වා මහතා පවසන්නේ සංචාරක කර්මාන්තයේ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළ යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...