පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි අර්බුධයක්

Date:

පාර්ලිමේන්තුවේ නව වැටුප් ප්‍රතිව්‍යුහගත කිරීම්වල දී තමන් නොලසකා හැරීමට එරෙහිව එහි මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය ඊයේ (27 වැනිදා) සිය විරෝධය පළ කළේය.

ඔවුන් මෙලෙස විරෝධය පළ කළේ ආහාර පාන අධ්‍යක්ෂවරයාට ය. තමන් ද වැටුප් ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලියට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස ඔවුහු අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියහ. සාධාරණයක් ඉටු වන තෙක් මේ සම්බන්ධයෙන් යම් යම් පියවර ගැනීමට සිදු වන බව ද ඔවුහු පවසති.

කෙතරම් සුදුසුකම් පැවතිය ද තමන් මෙතෙක් නියමිත වැටුප් තලවලට අන්තර්ගත කර නොමැති බවත් ඔවුහු පවසති. සෙසු දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලවල වැටුප් ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන නමුත් එම යෝජනාවලියට මෙම කාර්ය මණ්ඩල ඇතුළත් කර නොමැති වීම මෙම ගැටලුවට හේතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...