බීඩි මිල ඉහළට

Date:

බීඩි මිල අද (10) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමය පැවසුවේ, මෙම මිල ඉහළ දැමීමත් සමග අඟල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක මිල රුපියල් 15 ක් දක්වා ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් 13 ක් දක්වා ද, සිල්ලර මිල ඉහළ යන බවයි.

අඟල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක මිල රුපියල් 10 ක ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් 9.50 ක ද, පැවැති බව එම සංගමය සඳහන් කළේය.

බීඩියක් සඳහා පැවැති රුපියල් 2 ක බද්ද වර්තමාන ආණ්ඩුව රුපියල් 3 ක් දක්වා ඉහළ දැමීම සහ සෙසු වියදම් ද ඉහළ යෑම නිසා පිරිවැය ඉහළ යෑමෙන් බීඩි මිල ඉහළ දැමීමට සිදුවූ බව එම සංගමය පැවසීය.

බීඩියක නිෂ්පාදන වියදම රුපියල් 13.75 ක් පමණ වුවද පසුගිය කාලයේ එම වියදමට අඩු මිලකට බීඩියක් වෙළඳපොළට සැපයීමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බව කී එම සංගමය රජයට නිසි පරිදි බදු ගෙවීමට නම් බීඩි මිල ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...