ලුණු නිෂ්පාදනයට බලපෑමක්

Date:

කාලගුණික විපර්යාස හේතුවෙන් වාර්ෂික වැසිරටා වෙනස්වීම මෙරට ලුණු කර්මාන්තයට එල්ලවී තිබෙන විශාලතම අභියෝගය බව මෙරට ලුණු නිෂ්පාදකයෝ පවසති.

ලබන වසරේ (2026) යල කන්නය දක්වා පාරිභෝජනයට අවශ්‍ය ලුණු තොග රට තුළ තිබෙන බව ඔවුහූ කියා සිටිති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජගිරිය, “විදු පියසේ“ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව හෙළිදරව් කළේය.

මෙම මාධ්‍ය හමුවට රයිගම් සමූහ සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේ, රයිගම් වයඹ සෝල්ටන්හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙරට ලුණු වාර්ෂික ඉල්ලුම මෙට්‍රික් ටොන් 185,000 ක් වන අතර මාසික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000 කි.

දේශීය ලුණු කර්මාන්තයට 2024 සහ 2025 අභියෝගාත්මක වර්ෂ වූ බව රයිගම් වයඹ සෝල්ටන්හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ පැවැසීය.

මෙවර මහ කන්නයේ ලුණු අස්වනු නෙළීම සාර්ථක බවත්, මේ මාසයේ මැද දක්වා මහ කන්නයේ ලුණු අස්වැන්න නෙළීම සිදු කෙරෙන බවද ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

කාලගුණික විපර්යාස හේතුවෙන් වැසි රටා වෙනස්වීමකට ලක්ව තිබෙන බවත්, ලුණු නිෂ්පාදන කලාපවලට අනපේක්ෂිත සහ අකල් වැසි පතිත වීම නිසා ලුණු නිෂ්පාදනයට බාධා එල්ලවන බවත්, ඊට හේතුව ලුණු නිෂ්පාදනය සඳහා අඛණ්ඩව දින 45 ක කාලයක් හිරු එළිය අවශ්‍යවීම බව රයිගම් සමූහ සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේ පැවැසුවේය.

මෙම තත්ත්වයට මුහුණදීමට වඩාත් යෝග්‍ය විසඳුම වන්නේ ලුණු නිෂ්පාදනය සඳහා සුදුසු වෙනත් කලාප හඳුනාගෙන ලුණු ලේවා සංවර්ධනය කිරීම බව ඔහු කීවේය.

ලංකාවේ ලුණු පාරිභෝජන රටාවේ පරිවර්තනයක් වෙමින් පවතින බවත්, සාම්ප්‍රදායිකව භාවිත කළ කැට ලුණු වෙනුවට කුඩු ලුණු (මේස ලුණු) භාවිතයට ගෘහනියන් යොමු වෙමින් සිටින බවද ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...