ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට නියෝග…

Date:

නරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තක් සඳහා අධිකරණය පෙනී සිටීම පැහැර හැරීම හේතුවෙන් එම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

එම රෝහලේ කළමනාකර අධ්‍යක්ෂකවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික අශෝක පතිරගේ කටයුතු කරන අතර ඔහු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුක්තය.

පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන් නීතියට ඉහළින් නොසිටින බවත්, නීතිය ඉදිරියේ සැවොම සමාන බවත් අවධාරණය කරමින්, පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ සිද්ධියෙන් අසාධාරණයට පත් වූ සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, අදාළ වරෙන්තු නිකුත් කිරීමට තීරණය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...