බීර සමඟ හෙරොයින් දියකර බීලා…….

Date:

පෙරේදා (22) උදෑසන තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනාගේ සහ ඒ සමග සිට රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තා අනුව එම මරණවලට හේතුව හෙරොයින් අධිකව ශරීර ගතවීම අනාවරනය විය.

තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර මහතා විසින් අදාළ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ බීර සමඟ හෙරොයින් අධික ලෙස ශරීරගතවීම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවය.

මෙම පිරිස ඇති තරම් හෙරොයින් පානය කිරීමෙන් පසු බීර බෝතල් වලට හෙරොයින් කලවම් කරද පානය කර තිබේ.

එම ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගත් බීර බෝතල් තුළ සුදු පැහැති කුඩක් අවක්ෂේප වී ඇති බව නිරීක්ෂණය වී තිබුනි.

පසුව ඒවා පරීක්ෂාවට ලක්කිරීමේදී ඒවා හෙරොයින් බවට හඳුනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...