බන්ධනාගාර බසයට ක්ලේමෝ බෝම්බ ගැසීමේ පද්මෙගේ සැලසුම.

Date:

පාතාල කල්ලි නායක හරක් කටා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ බන්ධනාගාර බස් රථය ඉලක්ක කර ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට සැලසුම්කර තිබී ඇතැයි වාර්තා වෙයි.සැලසුමක් කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු පාතාල කල්ලිය විසින් සකස් කරගෙන සිට ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

කොමාන්ඩෝ සලින්ත නමැති පාතාල සාමාජිකයාට ප්‍රබලතම අවි ආයුධ විකිණු බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරයකුගේ ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ. විමර්ශන නිලධාරීන් සැක කරන්නේ සැකකාර ලුතිනන් කර්නල්වරයා ක්ලේමෝ බෝම්බ දෙකක් කොමාන්ඩෝ සලින්තට ලබාදෙන්නට ඇති බවයි. ලුතිනන් කර්නල්වරයා ප්‍රශ්න කිරීම වලදී පවසා ඇත්තේ කොමාන්ඩෝ සලින්ත අවස්ථා ගණනාවකදී තමන්ට දුරකථනයෙන් කතා කර ක්ලේමෝ බෝම්බ දෙක්ක ඉල්ලා කරදර කළ බවයි.

මාධ්‍යවේදියකු ලෙස වෙස්වලාගෙන ගොස් හරක් කටා ඝාතනය කිරීමේ සැළසුම ව්‍යාර්ථ වූවොත් ඊළඟ ප්‍රහාරක සැළසුම ලෙස මෙම ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත සූදානමින් සිට ඇත.

හරක් කටා රැගත් බන්ධනාගාර බස් රථය අලුත්කඩේ අධිකරණය වෙත එද්දී අධිකරණය ආසන්නයේ මාර්ගයක යතුරුපැදියක ක්ලේමෝ බෝම්බය සඟවා එය දුරස්ථ පාලකයක් යොදාගෙන පුපුරුවා හැරීම මෙම පාතාල කල්ලියේ සැලසුම වන්න ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසා සිදුවීමට ඉඩ තිබූ මහා විනාශයක් වැළකී ගිය බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. කොමාන්ඩෝ සලින්තට අවි ආයුධ විකිණු බව කියන ලුතිනන් කර්නල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...