ඡන්දය දුන්නත් නැතත්, මේ තීරණය ගන්න වෙනවා, අගමැතිනිය කියයි.

Date:

“අපි ඕක කරපු ගමන් මේ කණ්ඩායමට අයිති නැති එක්කෙනෙක් උසාවි යනවා, මේ කණ්ඩායමට ඇයි මෙහෙම සැලකුවේ කියලා. ඒ නඩු තීන්දුව ගත්තම ළමයි දාන එක නවත්තන්න වෙනවා”. අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ,ජාතික පාසල්වල වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට තම දරුවන් තමා සේවය කරන පාසලටම ඇතුළත් කර ගැනීමට ලබා දී තිබූ අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, පසුගිය දින කිහිපයේදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරත වූ ගුරුවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ අමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ, මෙම තීරණය එක කණ්ඩායමකට පමණක් ලිහිල් කළ නොහැකි බවත්ය.

ඇමතිනි අමරසූරිය මහත්මිය සිය අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ, ඇතැම් පාසල් පන්තිවල ළමුන් 44-45 අතර ප්‍රමාණයක් නොව, 50, 55, 60 වැනි විශාල ප්‍රමාණයක් සිටින බවත්, එබැවින් පුරප්පාඩු නොමැති ස්ථානවලට ළමයින් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් ලබා දෙන ලෙස තමාට යෝජනා කරන ලෙස විරෝධතාකරුවන්ට අභියෝග කළාය.

“ඒ අවුරුදු තුනට ලිහිල් බව එක කණ්ඩායමකට විතරක් දෙන්න පුළුවන්ද?” යැයි ඇය ප්‍රශ්න කළ අතර, එවැනි ලිහිල් කිරීමක් සිදු කරන්නේ නම් එය පොදුවේ ලබා දිය යුතු බවත්, එවිට යම් පාසල් ප්‍රමාණයකට පමණක් සීමා කළ නොහැකි බවත් ඇය අවධාරණය කළාය. තවදුරටත් ඇය පෙන්වා දුන්නේ, මේ තීරණය සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතු විය හැකි බවය.
ඇමතිවරිය සඳහන් කළේ, අමාත්‍යාංශයේ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවත්, “වැඩිපුර දැම්මොත් නඩු දානවා” යැයි එක් අයෙකු තර්ජනය කර ගිය බවත්ය.

ඇය අවසාන වශයෙන් අවධාරණය කළේ, තමන් මෙම තීරණය ගනු ලැබුවේ ඡන්දය දුන්නත් නැතත්, පුද්ගල පදනමක් මත නොවන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...