නුසුදුස්සන් පත් කිරීම තුළ වෛද්‍ය සභාවේ විශ්වාසය බිඳවැටී ඇති බවට චෝදනා.

Date:

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් ඇති වූයේ ගැටලුවක් පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත්කරනු ලැබූ මාධ්‍ය නිවේදනයෙ සදහන් වන්නෙ එම තනතුරට නුසුදුස්සකු පත් කර ඇති බවයි.

එම නිවේදනය මෙසේ වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍ය සේවාවේ සහ වෛද්‍ය අධ්‍යාපනයේ සම්මතයන් ආරක්ෂා කර ගනිමින් එම කටයුතු නිසි පරිදි නියාමනය කිරීම සදහා පාර්ලිමේන්තු පතනකින් ව්‍යවස්ථාපිත වූ ආයතනයකි. වෛද්‍ය සේවාවේ වෘත්තීයභාවය නියාමනය කරමින් අවසානයේ රටේ සමස්ථ රෝගී ජනතාවගේ යහපත වෙනුවෙන් සහ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වගකීමයි.

වෛද්‍ය සභාවේ තනතුරු සදහා විවිධ ක්‍රමවේද ඔස්සේ පුද්ගලයින් තේරිපත් වන අතර, පසුගිය දිනක පුරප්පාඩු වූ වෛද්‍ය සභාවේ සභාපති ධූරය සහ අනිකුත් සාමාජික තනතුරු සදහා පත් කිරීමට බලය තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාටයි.

පවතින රජයේ ප්‍රතිපත්තීන්ට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දැක්මට අනුකූලව වෛද්‍ය ප්‍රජාව මෙන්ම සමස්ත මහජනතාවද බලාපොරොත්තු වූයේ ඉහත කී තීරණාත්මක තනතුරු සදහා නිර්දේශපාලනික, දූෂණ චෝදනා නොමැති, වෛද්‍ය සභාවේ විෂයපතයන් සමග ලැබැදියාවන් පිළිබදව ගැටුමක් නොදක්වන නව ජවයකින් යුත් නායකත්වයක් සහ සාමාජිකයන් පිරිසක් පත්වනු ඇති බවටයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මෙම පත්කිරීම් පිළිබද අපගේ අදහස ලිඛිතව සෞඛ්‍ය අමාත්‍යවරයාට 2025.09.24 වැනි දින දන්වා ඇති අතර එතුමා සමග සිදු කරන ලද සාකච්ඡාවේදී ද පැහැදිලිව කරුණු දක්වන ලදී.

නමුත් අවාසනාවන්ත ලෙස මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය සභාවේ සභාපති තනතුරට සහ අනිකුත් සාමාජික තනතුරු සදහා පත් කර ඇති පුද්ගලයින් පිළිබදව සලකා බැලීමේදි ඔවුන්ගෙන් බහුතරයක් ඉහත කී සුදුසුකම් සපුරා නොමැති අතර ගැටළුකාරි පසුබිමක් පෙන්නුම් කරනු ලබයි.

මේ වන විට වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත් කර ඇති මහචාර්යවරයා දැනට ඉමියුනොග්ලොබියුලින් වංචාවේ ප්‍රධානතම චූදිතයකු ලෙස සැලකෙන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම පාලන සමයේදි ද ඔහුගේ අනුමැතියෙන් වෛද්‍ය සභාවට පත් කල පුද්ගලයෙකි.එමෙන්ම මෙම පත් කිරීම් අතර එක් වෛද්‍යවරයෙකු රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික සම්බන්ධිකරණ නිලධාරියා ලෙස එකල කටයුතු කල පුද්ගලයෙක් වේ.

මෙම පත් කිරීම් අතර වෛද්‍ය සභාව විසින් රට තුල වෛද්‍ය විද්‍යාල නියාමනය කරන අතරතුර ලැබැඳියාවන් අතර ගැටුමක් ඇති වන පරිදි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හා සම්බන්ධ වී කටයුතු කරන ලද වෛද්‍යවරයෙක්ද සිටි. එසේම මීට පෙර වෛද්‍ය සභාව තුල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන කාලයේදි විවිධ චෝදනාවන්ට ලක් වූ වෛද්‍යවරයෙක්ද නැවත පත් කිරීමද සිදු වී ඇත.

ඉහතින් ඉදිරිපත් කර ඇත්තේ පත් කිරීම් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු කිහිපයක් පමණක් වන අතර තව තවත් මෙවැනි ගැටළු රාශියක් මෙම පුද්ගලයින් හා බැඳි තිබෙන බවට අප වෙත සාක්ෂි සාධක ලැබී ඇත.

පවතින රජය පත් කර ගැනීමේදි සමස්ත වෛද්‍ය ප්‍රජාවගේත් සමස්ත ශ්‍රී ලංකාවාසි ජනතාවගේත් අභිප්‍රාය වුයේ දූෂණ වංචා වලට තිත තබමින් ඒ හා සම්බන්ධ නොවන පුද්ගලයින් රට තුල ක්‍රියාත්මක වන යාන්ත්‍රණය තුල නායකත්වය ගෙන කටයුතු කිරීමයි. නමුත් ඉතාමත් අවාසනාවන්ත ලෙස මෙම උත්තරිතර වෛද්‍ය සභාව සඳහා සිදු කරන ලද පත් කිරීම් ඔස්සේ එම විශ්වාසය බිඳ වැටීමේ තර්ජනයකට ලක් වී ඇත. එම නිසා මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපගේ දැඩි විරෝධය ප්‍රකාශයට පත් කිරීමට කැමැත්තෙමු. අද දින රැස් වූ හදිසි විධායක සභාව විසින් මෙම පත් කිරීම් සඳහා විරෝධය පල කරමින් සිදු වී ඇති වැරදි නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දීමට තීරණය කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...