රාජ්‍ය සේවයට ඩිජිටල් අත්සනක් …

Date:

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.

ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය මෙහිදී ආරම්භ විය.

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනය ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරිය වේ.

මේ අනුව ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට

මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...

දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...