වැඩ කරන්න බැ‍රි අය ගෙදර යන්න. -බලශක්ති ඇමති-

Date:

සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බව ලංකා විදුලි බල පනතේ සංශෝධන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ 23,000කට ආසන්න සේවකයින් සංඛාවක් සේවයේ යෙදෙන බවත්, විදුලිබල මණ්ඩලයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ යටතේ එම සියලුම සේවකයින් මෙම ආයතක 04ට අනුයුක්ත කිරීම සිදු කරන බවත් එම ආයතන 100%ක් රජය සතු කොටස් හිමි මහා භාණ්ඩාගාරය සතු සමාගම් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට සියලුම සේවකයින්ට මේ සම්බන්ධව දැනුම් දීමක් කර ඇතැයි කී අමත්‍යවරයා , යම් සේවකයෙකු මේ ආයතනවලට සම්බන්ධ වී සේවය කිරීමට අකමැති නම් ඔවුන්ට තමන්ගේ කැමැත්ත අනුව සේවයෙන් ඉවත් වීමට හැකියාව තිබෙන බවද පැවසුවේය.

එය නීතිමය අවශ්‍යතාවක් මිසක් රජය , ලංකා විදුලිබල මණ්ඩලය හෝ අමාත්‍යංශය සේවකයින් ගෙදර යැවීමට ගත් උත්සහයක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේද පැවසීය.

“අපි මේ සංශෝධන නොකරානම් මේ ක්‍රියාවලිය තිබුණු විදිහලට තිබ්බා නම් අගෝස්තු 17 වෙනිදායින් පසුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 12000ක් ගෙදර යවන්න තීරණය කරලා තිබුනේ. ඒක පසුගිය අමාත්‍ය මණ්ඩල තීරණවලින් ලැබිලා තිබුන දෙයක් ඒ වගේම ආයතන 12කට ලංකා විදුලිබල මණ්ඩලය කැඩෙන්න තීරණය කරලා තියෙනවා.

ඒ නිසා මම මෙම සේවකයින්ගෙන් අහන්න කැමති හැමෝටම ඔනා මේ තත්ත්වය තියෙන්නද? අපි ජනතාවගේ ආණ්ඩුවක් විදිහට මේ ඉන්න හැම සේවකයා ගැනම වග කියනවා . රටේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් අවශ්‍ය සෑම කටයුත්තක්ම කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...