මන්නාරම සුළං විදුලි බලාගාරයට විරෝධය.

Date:

මන්නාරම දූපත ආශ්‍රිත යෝජිත සුළං විදුලි බලාගාර ඉදිකිරීම නවත්වන ලෙසට හා එම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැණීම නවත්වන්නැයි ඉල්ලා එහි ජනතාව මාස දෙකකට ආසන්න කාලයක් පුරා අඛණ්ඩ විරෝධතාවයේ නිරත වෙයි.අද එම විරෝධතාවයේ 58 වැනි දිනයයි. මෙම ඉදිකිරීම් හා කැණීම් නිසා පාරිසරික ගැටලු රැසකට තමන්ට මුහුණ දීමට සිදුවන බව ඔවුන් පවසයි. අද එම ජනතාව සහ වෙළෙඳ ප්‍රජාව ප්‍රදේශයේ වෙළෙඳසැල් සියල්ල වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි.

සියලු පොදු ප්‍රවාහන සේවා ද අද නවත්වා තිබූ අතර දැවැන්ත විරෝධතාවක් අද ආරම්භ කෙරුණේ මන්නාරම පොදු ක්‍රීඩා පිටියෙන්ය.විරෝධතාකරුවන් පා ගමනින් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගමන් කර සිය විරෝධය පළ ක‍ළේය.

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරින් එම ස්ථානයට කැඳවා තිබූ අතර පොලිස් අණ නොතකා දිගින් දිගටම විරෝධතාවයේ නියැලීම හේතුවෙන් පොලීසිය හා විරෝධතාකරුවන් අතර නොසන්සුන් තත්ත්වයක් ද ඇතිවුණි.

පසුව, ජනාධිපතිවරයා වෙත යොමුකිරීම සඳහා විරෝධතාකරුවන් ගෙන ආ ලිපි මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට ලබාදීමෙන් පසු ඔවුන් විසිර ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රත්තරන් කරඬුවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින...

Apple සමාගම සුවිශේෂී නම්‍යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි

Apple සමාගම විසින් iPhone 18 මාලාවේ තවත් සුවිශේෂී නිෂ්පාදනයක්...

ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය...

විදෙස්ගත ලාංකිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මාස තුනක මෙරට රැඳී සිටීමේ සීමාවක්

රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එම බලපත්‍ර...