ජනාධිපති අනුර ජපානයේ ව්‍යාපාරිකයන් මුණගැසේ.

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) පෙරවරුවේ ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකට එක් විය. 

ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ (JETRO)  සභාපති  සහ ප්‍රධාන විධායක නිලධාරී ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ (JSLBCC) සභාපති සහ ITOCHU සමාගමේ සභාපති  ෆුමිහිකො කොබයාෂි (Fumihiko Kabayashi) මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට තුළ ආයෝජන හිතකර පරිසරයක් ගොඩනඟමින් වංචා සහ දූෂණය පිටුදැකීමට වත්මන් රජය  ගෙන ඇති පියවරද පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාව සහ එමගින් අන්‍යෝන්‍ය වශයෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...