බීර සමඟ හෙරොයින් දියකර බීලා…….

Date:

පෙරේදා (22) උදෑසන තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනාගේ සහ ඒ සමග සිට රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තා අනුව එම මරණවලට හේතුව හෙරොයින් අධිකව ශරීර ගතවීම අනාවරනය විය.

තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර මහතා විසින් අදාළ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ බීර සමඟ හෙරොයින් අධික ලෙස ශරීරගතවීම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවය.

මෙම පිරිස ඇති තරම් හෙරොයින් පානය කිරීමෙන් පසු බීර බෝතල් වලට හෙරොයින් කලවම් කරද පානය කර තිබේ.

එම ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගත් බීර බෝතල් තුළ සුදු පැහැති කුඩක් අවක්ෂේප වී ඇති බව නිරීක්ෂණය වී තිබුනි.

පසුව ඒවා පරීක්ෂාවට ලක්කිරීමේදී ඒවා හෙරොයින් බවට හඳුනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...