කොළඹට පැයෙන් යන්න අධිවේගයේ වැඩ අරඹයි.

Date:

පසුගිය කාලය පුරා විවිධ හේතු මත ප්‍රමාද වූ සංවර්ධන ව්‍යාපෘතීන්හි වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවය, කඩවත අන්තර් හුවමාරු පරිශ්‍රයේදී පෙරවරු 10.00ට පැවැත්වෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ද රත්නායක මහතා පවසයි. කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් 17 වන දා යළි ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

කිලෝමීටර් 37ක දිගින් යුත් මෙම කොටස, අධිවේගී මාර්ගයේ පළමු අදියර වන අතර, මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන අදියර මේ වන විටත් ඉදිකර අවසන්ව ඇත.

නව ව්‍යාපෘතිය යටතේ, මාර්ගයේ කිලෝමීටර් 15ක පමණ දුරක් කුළුණු මතින් ඉදිකෙරෙන අතර, ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම යන නගර ආශ්‍රිතව නව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන තුනක් ද ස්ථාපිත කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත මුළු පිරිවැය රුපියල් බිලියන 229ක් ලෙස ගණන් බලා තිබේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරය සහ චීනයේ එක්සිම් බැංකුවෙන් ලැබෙන සහනදායී ණය ආධාර යටතේ අරමුදල් සැපයේ. ඉදිකිරීම් කටයුතු 2028 වසරේ සැප්තැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...

බද්ධ නිවුන් දියණියන් දෙදෙනා සාර්ථකව වෙන් කල ඓතිහාසික ශල්‍යකර්මයක්

මෙරට සෞඛ්‍ය සේවාව සතු විශේෂඥ දැනුම, අතිනවීන වෛද්‍ය තාක්ෂණය,...

උප දුම්රිය ස්ථාන දෙකක් තාවකාලිකව වැසෙයි

පුත්තලම් මාර්ගයේ බංගදෙණිය හා මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි...