”අවුරුදු ගණනාවක් තිස්සේ ජවිපෙ එකයි යූ එන් පී එකයි යහපාලන ආණ්ඩුවයි එකතුවෙලාඅපේ වත්කම් හෙව්වා. අපි හංගලා නෑ. අපි ගමේ ගියාම ගමේ මිනිස්සුන්ගෙන් කෙහෙල් කැණ් ඉල්ලගනෙ දේශපාලනය කරලත් නෑ. ජනතාව එක්ක අපේ ගනුදෙනුව ක්‍රියාත්මක වුණා. මම දේශපාලනයට ආපු දවසේ ඉඳන් මං පැහැදිලිවම වෙලාවට වත්කම් බැරකම් බාර දීලා තියෙනවා. නෝනගේ වත්කමකුත් මගේ පිට දාලා කතාව හදන්න උත්සාහ කරනවා. සමහරු ඉන්නවා පාර්ලිමේන්තුවේ තමන්ගේ දේපල නෝනගෙ නමට ලියපු . ඒ වගේම අපි වගේ අයත් ඉන්නවා කසාද නෝනගේ පරම්පරාවෙන් දේවල් හම්බ වෙච්ච. ඒකටත් පින තියෙන්න ඕන. නෝනගෙ තාත්තලා ව්‍යාපාර පටන් ගත්තෙ මීට අවුරුදු 40කට කලින් .හැබැයි ඉතින් අපි වෙලාවට බදු ගෙවලා තියෙන්නේ. පැහැදිලිව මං ආණ්ඩුවට කියනවා කරුණාකරලා ඔය මම දාලා තියෙන දේවල් වලින් පිට දෙයක් තියෙනවා නම් ඉතාමත් ඉක්මනට ඒවාට පවරගෙන ම්ල්ලිිනිස්සුන්ට බෙදලා දෙන්න. මිනිස්සුන්ගෙ සල්ලි වලින් දේශපාලනය කලේ රාජපක්ෂලා කිව්වා. කෝ 76 වසරක සාපය කාලෙ හම්බ කලාද ? නැත්නම් සාපෙ ඉවර වෙලා අවුරැද්දක් ඇතුලත හම්බ කලාද කියලා මේ අය ජනතාවට උත්තර දෙන්න ඕන.”
Date:
More like thisRelated
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...
QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්
ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...




