පාකිස්තානය සහ සෞදි අරාබිය උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි.

Date:

සෞදි අරාබිය සහ පාකිස්තානය අතර අත්සන් තැබුණු උපායමාර්ගික අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳ අධ්‍යයනය කරන බව ඉන්දියාව පවසයි. ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පවසා ඇත්තේ සෞදි අරාබිය සහ පාකිස්තානය අතර උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ වාර්තා ඉන්දියාව දුටු බවය.

එමෙන්ම රන්දීර් ජයිස්වාල් පෙන්වා දෙන්නේ සිය රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වය සඳහා මෙය ඉන්දියාව අධ්‍යයනය කරමින් සිටින බවය. ඉන්දියාවේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ ජාතික ආරක්ෂාව සහතික කිරීමට රජය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් පවසයි.

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ආරාධනයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ ගල්ෆ් රාජ්‍ය සංචාරය අතරතුරදී පාකිස්තානය සහ සෞදි අරාබිය උපායමාර්ගික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...