විමල්ගේ වත්කම් නඩුව ඔක් 22 කැදවයි.

Date:

වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 22 වැනිදාට කැඳවීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී, විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා නඩුවට අදාළ ලේඛන අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව පවසමින්, ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව, නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 22 වැනිදාට කැඳවීමට අධිකරණය නියම කළ අතර, අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසද විනිසුරුවරිය අවවාද කර ඇත.

2010 සිට 2014 දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටි සමයේදී රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, අල්ලස් කොමිසම විසින් පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...