වාහන ආනයනයෙන් අපේක්ෂා කළ ආදායම් ඉක්මවා ය‍යි.

Date:

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්ක වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ, එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ අවස්ථාවේදීය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – වාහනවල අපේක්ෂිත ආදායම මොකක්ද මේ අවුරුද්දට? 

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්  දිලිප් සිල්වා – “මේ වසරට බිලියන 460ක්.” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ඒක වෙනස් වුණේ නැද්ද? 

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “දැන් තියෙන තත්ත්වය අනුව ඊට වැඩිවෙනවා.  මෙච්චර වාහන එයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. අපිට පේනවා බිලියන 700ක් වගේ එන විදියක් පේනවා.” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – ණයවර ලිපි කීයක් ඇරලා තියෙනවාද? 

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න – “ඩොලර් මිලියන 1570ක්.  සැප්.16 වෙනකම්.”

මේ අතර, මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වනු ඇතැයි එහිදී අනාවරණ වුණි. 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – මේ වසරේ සංචාරකයෝ කීයක් එයිද? 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රසාද් ජයසූරිය – “මේ වසරේ මිලියන 2.4ත්, 2.5ත් අතර ගණනක් එයි. අපේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වෙන්නේ ඩො.බි.3.5ක් වගේ.” 

මේ අතර විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී රජයට සිදුව ඇති පාඩුව නිරීක්ෂණය කිරීම සඳහා වෝහාරික විගණනය කඩිනමින් සිදුකරන්නැයි මෙහිදී මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් මහතා ඉල්ලා සිටියේය. 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික රාවුෆ් හකීම් – “ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා වීසා ගැටලුව ගැන වැරදිකරු වුණා හිටපු ආගමන විගමන පාලක ජනරාල්වරයා ඔහුට තවත් අවුරුදු දෙකක්. දැන් වෝහාරික විගණනය විගණකාධිපතිගේ ඒකට දැන් අවුරුද්දකට වැඩියි. වෝහාරික විගණනය අපි ඉල්ලපු එක, මේ වීසා ගැටලුව ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියපු ඒක තවමත් වෙලා නැහැ. විගණකාධිපතිගෙන් අහන්න පුළුවන්ද ඒක ගැන මේකෙන් රජයට වුණු පාඩුව බිලියන 04කට වැඩියි” 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා – “අපි එයාට ලියමු මේකේ කඩිනම් අවශ්‍යතාවය ගැන”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...