වාහන ආනයනට සහන නෑ…

Date:

2025.08.15 දිනැති අංක 2449/60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී. ඒ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය .

ඒ අනුව, ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත එම රෙගුලාසි මගින් සංචාරක අංශය ප්‍රවර්දනය කිරීම පිණිස වාහන ආනයනය සඳහා ලබාදී තිබූ අවසරය දීර්ඝ කිරීම සඳහා අනුමැතිය අපේක්ෂා කෙරේ.

මෙහිදි පැමිණ සිටි නිලධාරින් පෙන්වා දුන්නේ 2024 මැයි මාසයේදී හඳුන්වා දුන් උක්ත රෙගුලාසිය යටතේ, නවතම වාහන 1,000ක් ආනයනය කිරීමට අනුමැතිය ලබා දුන් බවයි. සංචාරක සංවර්ධනයට සහාය වීම පිණිස ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම මෙහි අරමුණ වූ අතර සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විශේෂ බලපත්‍ර යටතේ සිදුකරන ලද මෙම වාහන ආනයනය කිරීම 2025 ජුනි 30 දක්වා වලංගු විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුව, මෙම පහසුකම තවත් මාස තුනක් සඳහා, එනම් 2025 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට පසුගිය අගෝස්තු මාසයේදී කැබිනට් අනුමතිය හිමිවිය. ඒ අනුව, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2025 අගෝස්තු 15 වන දින අංක 2449/60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නව රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

වාහන කර්මාන්තයේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් සහනදායී මිල ගණන් යටතේ වාහන ආනයන ධාරිතාව වැඩි කිරීම සඳහා සිදුකරන ලද ඉල්ලීම් සඳහා වත්මන් ප්‍රතිපත්ති රාමුව යටතේ සහන ලබා දිය නොහැකි බව නිලධාරීහු මෙහිදී පැහැදිලි කළහ. එක් අංශයකට එලෙස සහන සැලසීම මගින් අනෙකුත් කර්මාන්තවල සමතුලිතතාවය පිළිබඳ ගැටලු මතු කළහැකි බව ඔවුහු තවදුරටත් සඳහන් කළහ.

එමෙන්ම, සංචාරක සංවර්ධන බද්ද (TDL) එකතු කිරීමේදී මතුව ඇති අභියෝග පිළිබඳව ද නිලධාරීන් විසින් මෙහිදී කරුණු දක්වන ලදී. ලියාපදිංචි හෝටල් සහ විධිමත් ආයතන උක්ත බද්ද සදහා දායකත්වය දක්වන නමුත් බොහෝ සංචාරක තානායම් සහ සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සපයන වෙනත් ස්ථාන (Airbnb) තවමත් මෙම පද්ධතියේ කොටසක් නොවන බැවින් අදාළ ගෙවීම් සිදු නොකරන බවද ඒහිදී අනාවරණය විය. මෙම තත්ත්වය සංචාරක කර්මාන්තය තුළ අසමානතාවක් නිර්මාණය කර ඇති අතරම එය සංචාරක සංවර්ධනය සඳහා වන අරමුදළ ශක්තිමත් කිරීමේ දී ගැටලු මතු කරන බවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම කාරක සභාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, එම්.කේ.එම්. අස්ලම්, නිමල් පලිහේන, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි, නිශාන්ත ජයවීර යන මහත්වරුන් සහ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...