‘රාගසා’ සුළිකුණාටුව චීනය දෙසට.

Date:

වසරේ භයානකම සුළිකුණාටුව ලෙස සැලකෙන ‘රාගසා’ සුළිකුණාටුව චීනය දෙසට හමායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.දැනටමත් තායිවානයට වැඩි බලපෑම් එල්ල කර ඇති ‘රාගසා’ සුළිකුණාටුව හේතුවෙන් එහි පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් පුද්ගලයින් 124 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව වාර්තා වන්නේ.

ඉහළ යන ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් මියගිය අයගෙන් වැඩි දෙනෙකු වයෝවෘද්ධ පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ හුවාලියන් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට 700mmකට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණු අතර දකුණු හා නැගෙනහිර නගරවලට 500-600mmක වර්ෂාපතනයක් ලැබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

අද (24) උදෑවන වන විට තායිවානයේ ටෝයුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 160කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ග ද අත්හිටුවා ඇත.

හොංකොං කාලගුණ බලධාරීන් අද (24) ඔවුන්ගේ ඉහළම ටයිෆූන් අනතුරු ඇඟවීම “T10″නිකුත් කළ අතර කුණාටුව චීන භූමියෙන් කිලෝමීටර් 150ක් නිරිත දෙසින් ගමන් කරන විට සිදුවිය හැකි නායයෑම් පිළිබඳව ද අනතුරු අඟවා තිබේ.‍

එරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු අතර විනාශකාරී සුළං ගැන සැලකිලිමත් විය යුතු බවද අද දේශීය කාලගුණය නිරන්තරයෙන් අයහපත් වනු ඇති අතර, නිතර නිතර තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...