මැතිවරණ කොමසාරිස්ස සමන් ශ්‍රී රත්නායක මහතා අද (27) කැෆේ සංවිධානය මගින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12කට තේරි පත් වී සිටින කාන්තා සභිකයින්ට “ජනනි” ඩිජිටල් තාක්ෂණ වැඩසටහනේ තෙවන අදියර සම්බන්ධයෙන් දැනුවත් කිරිම සදහා හැටන් ඩයිනින් ශාලාවේ පැවති දැනුවත් කිරිමේ වැඩසටහනකට එක් වෙමින් 2026–2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත්, එය නොවැම්බර් මාසයේදි ප්‍රකාශයට පත් කරන බවත් පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා කියා සිටියේ.
“නොවැම්බර් මාසේ පළවෙනි සතිය වෙනකොට අපි 2026 – 2029 උපාය මාර්ග සැලැස්ම ප්‍රකාශයට පත් කරන්න. ඒකෙ අවසන් අදියරේ අපි මේ වෙනකොට ඉන්නේ. අපි දිස්ත්‍රික්ක 25 සියළුම ආකාරයේ ජන කොටස් එක්ක පාර්ශවකරුවන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් තමයි මේකට ඇතුලත් කරලා තියෙන්නේ. කොමිෂන් සභාවේ පාලන සැලැස්ම තුල කිසිදු දෙයක් නෑ අපේ දේවල්, තියෙන්නේ සියලුම ඔබේ දේවල්, මහජනතාවගේ දේවල් සහ ඉල්ලීම් තියෙන්නෙ අපි උත්සහ කරන්නේ අවුරුදු 04 තුල කොහොමද එම ඉල්ලීම් ටික ඉටු කරන්නේ කියලා. ඒ අදාළ ලියවිල්ල නොවැම්බර් මාසේ මුල සතිය වන විට ප්‍රකාශයට පත් කරන්න සුදානම් කරලා තියනවා.උපාය මාර්ග සැලැස්මට පැරණි දේවලුත් අලුත් දේවලුත් ඇතුලත් කරලා තියනවා.
පළවෙනි දේ තමයි මැතිවරණයේ සම්බන්ධයෙන් යම් කිසි වෙනසක් වෙනවා නම් මුලින්ම නීතියේ වෙනසක් විය යුතුයි. විශේෂයෙන්ම අපි ඒකේ සදහන් කරලා තියනවා අපි හැමෝටම වැදගත් වන දෙයක් තමයි පුර්ණ ඡන්ද විමසීම කියන එක. මා මේ වන විටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියනවා පූර්ණ ඡන්ද විමසීම අදාළව නිතිය සකස් කරන්න කියලා. එහෙම වුනොත් අපට පුලුවන් ගොඩක් ගැටළු විසදගන්න. ඡන්ද දිනයේදි ඡන්දය භාවිතා කරන්න බැරිවුණ අයට විසදුම් ලබා දෙන්න.”
මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා 2025 නොවැම්බර් 11 වන දින විශ්‍රාම යෑම නිමිත්තෙන් මෙසේ අදහස් පල කළේය.
“මාගේ රාජ්යව සේවය අවුරුදු 30යි. මා මැතිවරණ රාජකාරිවලට පැමිණිලා අවුරුදු 20ක් පමණ වෙනවා එම කාලය තුල මට රාජකාරි සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ඇති වෙලා නෑ. මම ස්වාධීනව තමයි කටයුතු කළේ”. යනුවෙන් පැවසීය.
“ඔබ දන්නවා පැහැදිලිවම අද වෙනකොට කෙනෙක් අපේක්ෂකයෙකු විදිහට ඡන්දය ඉල්ලනකොට ඔහුගේ මතවාද, ඔහුගේ දර්ශනයන් සහ ඔහුගේ ක්‍රියාමාර්ග පිලිබද දැනුවත් කිරිම සිදු වෙනවා.
පුවත් පත්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන් භාවිතා කිරිමේ ප්‍රමාණය දැන් ඉතාම අඩු වෙමින් යන්නේ. සමාජ මාධ්‍ය විශාල කාර්යභාරයක් කරනවා මේ දැනුවත් කිරිමේ කාර්යයේදි.
මා විශ්වාස කරනවා දේශපාලඥයන් විදිහට විෂේශයෙන්ම නවක දේශපාලඥයන් විදිහට ඔවුන්ට තමන්ගේ මතවාද, තමන්ගේ ඡන්ද දායකයන් අතරට ගෙනයන්න පහසුම මාධ්‍ය තමයි සමාජ මාධ්‍ය ජාලය.
ඔබ දන්නවා මේ වන විට ලංකාවේ ස්මාට් දුරකථනයක් භාවිතා නොකරන කෙනෙකු සොයා ගැනීමට බැරි තත්වයක් පවතින්නේ. මෙම ස්ථානයේ වුනත් සිටින සියළුම දෙනා ළග තියෙන්නේ ස්මාට් ෆෝන් එකක්. ඒ නිසා ඉක්මනින්ම විශේෂයෙන්ම ඉක්මනින්ම තොරතුරු දෙන්න සහ නිවැරදි තොරතුරු එවීමේ හැකියාව සමාජ මාධ්‍ය හරහා කරන්නේ. ඒ නිසා තමයි වැදගත් වෙන්නේ මේ පිලිබද දැනුවත් කිරිම.
බොහෝ වේලාවට වෙන දේශපාලන පක්ෂ යටතේ තමයි තරග කරනු ලබන්නේ. අපේ රටේ තියන මැතිවරණ ක්‍රමය සම්පුර්ණයෙන්ම ඒ පක්ෂයේ ප්‍රතිපත්ති සහ ඒ මත සම්බන්ධ වෙච්ච කාරණාවන්.
සමානුපාතික යෝජනා ක්‍රමය කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තිමය දේශපාලනයක් මත කරන කාර්යභාරයක්. ඒ නිසා එතනදී යම් මතයක් කෙනෙක් ප්‍රකාශයට පත් කරද්දී ඔහුට පක්ෂයේ අවසරය සහ පක්ෂයේ අනුමැතිය යන කාරණාව අවශ්‍ය වෙනවා. ඒක මේ දේශපාලන ප්‍රවාහය තුල තිබෙන කාර්යභාරයක්. හැබැයි ඉන් බැහැරව ගිහිල්ලා ඊට හානියක් නොවන ආකාරයට මාධ්‍ය භාවිතා කිරිමේ ගැටළුවක් වෙන්නේ නෑ.
අපේ රටේ ආදායම් නියාමනය කිරිමේ පනත ගේන්නත් හේතුවක් උනේ ඕකනේ. අපේ රටේ දේශපාලනයේදි මුදල කියන කාරනාව ඉතාම විශාල කාර්යභාරයක් කරනවා. බොහෝවිට අපට ඉන්නේ ඡන්ද දායකයන්ද, පුරවැසියන්ද, අපට පේන්නේ පාරිභෝගිකයන් වගේ.?
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සෑම, විශේෂයෙන්ම රජයේ නිළධාරින් වන අපිත් මහජන නියෝජිතයන්ද කළ යුතු කාර්යභාරයක් වෙනවා. මෙතෙක් තිබිච්ච දෙයක් තමයි වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් පසු ඒක විවෘත කිරිමක් සිදු කළේ නැහැ. ඒ නිසා ඒගැන අවබෝධයක් කාටවත් තිබුණේ නැ. ප්‍රථම වතාවට ඔය කියන කාරණා සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ වෙබ් සයිට් එක හරහා ඒවා දාලා තියනවා ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ කාරණා පිලිබද එලියට එන්නේ. මේක කිසි ගැටළුවක් වෙන්නේ නෑ . විශේෂයෙන්ම වෙන්නේ යම් කිසි කෙනෙක් දේශපාලන ක්ශේත්‍රයට හෝ රාජ්‍ය සේවයට ඇවිත් ඒ කාලය තුලදී යම් ආකාරයකට උපයා ගෙන තියනවා නම් වැරදි දෙයක් ඒක තමයි බලන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔවුන්ට පාරම්පරිකව උරුම වෙච්ච දේවල් සම්බන්ධයෙන් ගැටළුවක් වෙන්නෙ නැනේ. ඒක ඉතින් තියනවා නේ. තමන් දේශපාලනයට එන්න කලින් තමන්ට පාරම්පරිකව තිබුණ දේවල් තියනවා. එතනින් තමයි පටන් ගන්නේ. දේශපාලනයට එනකොට තිබුණ දේවල් සහ ඒ ක්‍රියාකාරකම තුල එකතු කර ගත් දේවල් මොනාද? ඒවා කොහෙන්ද ආවේ? කියන එකයි බලන්නේ. මේක සාකච්ඡාවට බදුන් වන එකත් බොහොම හොද දෙයක්.” බවයි.
කැෆේ සංවිධානය මගින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ට තේරි පත් වී සිටින අන්තර්ජාල හිංසනය සහ සමාජ මාධ්‍ය භාවිතයේ ඩිජිටල් සාක්ෂරතාවය පිලිබදව දැනුවත් කරනු ලැබීය.මෙම අවස්ථාවට නුවරඑලිය සහකාර මැතිවරණ කොමසාරිස් ලහිරු කළුගම්පිටිය මහතා, කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක මනාස් මකීන් මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.




