‘ජවාන්’ වෙනුවෙන් ෂාරුක් ඛාන් සම්මානයට.

Date:

ඉන්දියාවේ 71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවාට මිහි සම්මානයෙන් පිදුම් ලැබුවේ බොලිවුඩයේ සුපිරි තරු ෂාරුක් ඛාන්ය. ඒ ඔහුගේ පළමු ජාතික චිත්‍රපට සම්මානය විය.

මේ වන විට 59 හැවිරිදි වියේ පසුවන ෂාරුක් ඛාන්, වසර 30කට අධික කාලයක් ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ ‘King Khan’ලෙස වැජෙබෙමින් සිටියි.

ඊයේ (23) දිල්ලි නුවර විග්‍යාන් භවන් හිදී පැවති මෙම සම්මාන උළෙලේදී ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින් හොඳම නළුවාට හිමි ජාතික චිත්‍රපට සම්මානය ෂාරුක් ඛාන්ට පිරිනමා තිබුණි.

2023 සැප්තැම්බර් මාසයේදී තිරගත වූ දමිල චිත්‍රපට අධ්‍යක්ෂ ඇට්ලී විසින් අධ්‍යක්ෂණය කළ ‘ජවාන්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ෂාරුක් ඛාන්ට මෙම සම්මානය හිමි විය.

ඉන්පසුව සිය රසිකයින්ට, පවුලේ අයට සහ සහෝදර ශිල්පීන්ට මෙන්ම ‘ජවාන්’ චිත්‍රපට සඳහා දායකත්වය දැක්වූ සමස්ථ කණ්ඩායමටම ස්තුති කරමින් සංවේදි වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.

“මෙලෙස ජාතික සම්මානයෙන් ගෞරවයට පතිවීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වනවා සේම මෙය ජීවිත කාලය පුරාම මම අගය කරන මොහොතක්. ජූරි සභාවට, සභාපතිවරයාට සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයට සහ මම මෙම ගෞරවයට සුදුසු යැයි සිතූ සැමට බොහොම ස්තූතියි”

‘ජවාන්’ චිත්‍රපටය 2023 වසරේ වාර්තාගත බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් බවට පත් වූ අතර, ඔහුගේ රංගනය ජනතාව අතර තව තවත් ජනප්‍රියත්වයක් පත්වන්ට හේතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...