ජනාධිපතිවරයාගෙ තර්ජනවලට අපි බය නැ….

Date:

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුවට විරෝධය පළ කරමින් විදුලි වෘත්තීය සමිති පසුගිය 04 දා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.

ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ හෝ ඇමැතිවරයාගේ තර්ජන හමුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ග හකුළා නොගන්නා බවයි.

එහි දෙවැනි අදියර ලෙස පෙරේදා (17දා) සහ ඊයේ (18දා) විදුලි සේවකයෝ කොටස් දෙකකට බෙදී ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදුණු අතර එය ඊයේ (18දා) අවසන් කෙරිණි.

වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යන බවත් විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමේ රජයේ තීරණයට එරෙහිව ගන්නා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ සවස හෝ අද (19දා) වෘත්තීය සමිති රැස්වී තීරණයක් ගන්නා බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසීය.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක මණ්ඩලයේ ලේකම්, අජිත් දේවප්‍රිය මහතා මෙසේ පැවසීය.

“ජනාධිපතිවරයා තර්ජනාත්මකව කතා කළා. නමුත් අපි ඒ තර්ජනවලට බියවන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන ජනපතිවරයාට මේවා ගැළපෙන්නේ නෑ. ඔය තර්ජන, ගර්ජනවලට බියෙන් අපි රැකියාව දමා යන්නේ නැහැ.

ජනාධිපතිවරයා කියන විදිහට යන්න මේ රැකියාව ඔහුගෙන් ලබා ගත් දෙයක් නොවෙයිනේ. නිවැරදි කරුණු රටට දෙන්න කියලා අපි ජනාධිපතිවරයාට කියනවා. මිනිස්සු උසි ගන්වන්න එපා. හරි විදිහට වන්දියක් දෙනවා නම් අපි යන්න ලෑස්තියි.

නමුත් අපි යන්න ඉල්ලලා නැහැ. යන සේවකයන් ඉන්නවා නම්, අනිවාර්යයෙන් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට රජය පියවර ගත යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...