කලාපීය සාමය , සමුද්‍රීය ආරක්ෂාව සදහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වභාවික හවුල්කරුවන්.

Date:

සාමය ආරක්ෂා කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සහ නීති මත පදනම් වූ කලාපීය වැඩපිළිවෙලක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වභාවික හවුල්කරුවන් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

විශාල සහ කුඩා ජාතීන් අතර අසමාන හවුල්කාරිත්වයන් මධ්‍යයේ වුවද, ඉන්දියාව තම අසල්වැසියන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේදී ආදර්ශයක් ලබා දී ඇති බව අවධාරණය කළ ඔහු, 2025 අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවල තීරණාත්මක මොහොතක් බව කියා සිටී.

“ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවෙන් ලැබෙන දායකත්වයට වඩා ඉන්දියාව ශ්‍රී ලංකාවට එහි විශාල වෙළඳපොළවල් වෙත වැඩි ප්‍රවේශයක් ලබා දී තිබෙනවා,” ඔහු පවසයි.

2022 දී අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සැලකිය යුතු සහ කොන්දේසි විරහිත ආධාර පිළිබඳවද ඉන්දීය මහ කොමසාරිස්වරයා සිහිපත් කරන ලදී.

ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හමූවූ අවස්ථාවෙදී ඔහු මෙසේ පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...