ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත හරහා, ඔවුන්ගේ නිල නිවාස ඇතුළු වරප්‍රසාද කිහිපයක් අහෝසි වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.ඒ අනුව, මෙම පනත හරහා නිල නිවාසය, වැන්දඹුවට හිමි විශ්‍රාම වැටුප, ලේකම් දීමනාව ආදිය අහෝසි වන බවත්, නමුත් ජනාධිපතිවරයාට හිමිවන විශ්‍රාම වැටුපට මේ හරහා කිසිවක් සිදු නොවන බවයි අද (10) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති වරප්‍රසාදයක් නිසා, ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවක ඒ ගැන සලකා බැලිය හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.ජනතාවගේ බදු මුදල් හොරා කමින් ජීවත් විය හැකි යැයි සිතන පාලකයන් අතට මෙම පනත පත්වී තිබෙන විට, මෙය අවභාවිතා වූ බවත්, ඒ අනුව එය අහෝසි කරන බවත්, ආණ්ඩුව මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුව අනුව ක්‍රියා කරන බවත්, අද සිදු කරන්නේත් එවැන්නක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.




