එල් නිනෝ තත්ත්වයෙන් යාල ජාතික උද්‍යානයට දැඩි බලපෑමක්

Date:

පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ යාල ජාතික උද්‍යානයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහ මහතා ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය.

වැසි නොලැබීමටත් වඩා දහවල් කාලයේ ඇති අධික උෂ්ණත්වය නිසා වන සතුන්ගේ ස්වභාවික ජීවන රටාව වෙනස් වී ඇති බවත් කෙසේ හෝ පිපාසය සංසිඳවාවා ගත්තද උෂ්ණත්වය දරා ගැනීමේ අපහසුතාවය වන සතුන්ට තදින්ම දැනී ඇතැයිද කීය.

මෙම තත්ත්වය හමුවේ වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් සැප්තැම්බර් 14 වන දා සිට ඔක්තෝබර් 15 වන දා තෙක් කෙටි කාලයකට යාල ජාතික උද්‍යානය වසා දැමීමට තීරණය කර ඇතැයි ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

එහිදී වසා දමනු ලබන්නේ යාල කලාප අංක එක (Block 01) පමණක් වන අතර යාල දෙක සහ තුන කලාප සංචාරය සඳහා විවෘතව පවතී.

මෙම කාලසීමාව තුළ තදින් වැසි ලැබුණහොත් වැව් කඩාගෙන යෑමට ඉඩ ඇති බවත් උද්‍යානය තුළ ඇති මාර්ග ආරක්ෂා කර ගැනීමත් එහි එක් අරමුණක් බවද පෙන්වා දුන්නේය. නමුත් එම කාලසීමාව තුළ අවශ්‍ය පරිදි වැසි ලැබී උෂ්ණත්වය සමනය වුවහොත් නියමිත දිනට පෙර යාල විවෘත කිරීමට කටයුතු කළ හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...