විජිතගේ ඉල්ලීමට චීන රජයේ අවධානය

Date:

මෙරට සිදු වූ ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් ව ඇති බවට හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් චීන රජයෙන් සහාය පතා සිදුකළ විශේෂ ඉල්ලීම කෙරෙහි තමන් පෞද්ගලිකව මැදිහත් වන බව චීන විදේශ කටයුතු අමාත්‍ය Wang Yi සහතික වී තිබේ.

ශ්‍රී ලංකාව ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි මාවතේ ගමන් කරන බව විශ්වාසය පළ කළ හැකි බවත් ඒ සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් මෙරට සංචාරයක නිරත වූ අමාත්‍ය Wang Yi මහතා නැවතත් තහවුරු කළේය.

අද උදෑසන (12) මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය Wang Yi මහතා ශ්‍රී ලංකාවේ කළ කෙටි සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් හමුවිය.

දිත්වා සුළි කුණාටුවෙන් පසු චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආපදා සහන වෙනුවෙන් එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා විසින් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කර තිබේ.

අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවේ දී වෙළෙඳ හා ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු වූ බව සඳහන් වේ.

විශේෂයෙන් දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම ක්‍රියාවලිය කෙරෙහි ද සාකච්ඡාවේ අවධානය යොමු වූ බව අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...