2025 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර ලෙස ඉතිහාසයට ඒක්වීමට යයි

Date:

මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ඔක්තෝබර් 31 දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 1 890 687 ක් පැමිණ තිබේ. ඒය 2018 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ඔක්තෝබර් 31 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය වන 1 885 045 ඉක්මවා යාමකි.

2018 වසර ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට වැදගත් වන්නේ එම වසර ශ්‍රී ලංකා ඉතිහාසය තුළ ලංකාවට වැඩිම සංචාරකයන්
ප්‍රමාණය පැමිණි වසර වන හෙයිනි. 2018දී ලංකාවට සංචාරකයන් 2 333 796ක් පැමිණ තිබේ.

ඒම අගය ඉක්මවා යාමට නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙක තුළ ශ්‍රී ලංකාවට තවත් සංචාරකයන් පැමිණීමට අවශ්‍ය වන්නේ 443109ක් පමණි.

2018 නොවැම්බර් හා දෙසැම්බර් මාස වලදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 448 751ක් පැමිණ තිබුණි. මෙම දත්ත ඳපිළිබව අවධානය යොමු කිරීමේදී 2025 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වසර ලෙස ඉතිහාසයට ඒක්වීමට වැඩි විභවයක් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...