කච්චතිව් අයත් ශ්‍රී ලංකාවට බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගනී

Date:

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ 1974 සහ 1976 වසරවලදී ඇති කරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි නීතිපති ආර්. වෙන්කටරාමනී මහතා සඳහන් කර ඇත්තේ, ඉන්දීය ධීවරයන් සම්බන්ධ ගැටලු දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට තම ස්ථාවරය පිළිගැනීමට හෝ ඒ අනුව කටයුතු කිරීමට බල කිරීමට ඉන්දියාවට හැකියාවක් නොමැති බවද ඔහු පවසා තිබේ.

කච්චතිව් සම්බන්ධයෙන් 1974දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම මෙන්ම, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයන්ගේ ධීවර අයිතිවාසිකම් සීමා කරමින් 1976දී ඇති කරගත් ගිවිසුම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සංජේ කුමාර් සහ සංජීව් සච්දේවා මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම කරුණු ඉදිරිපත් කර ඇත. ඉන්දීය ධීවරයන් විසින් ජාත්‍යන්තර මුහුදු සීමාව නැවත නැවතත් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද ඉන්දීය රජය එහිදී අවධානය යොමු කර තිබේ.

ඉන්දීය පාර්ශ්වයේ මත්ස්‍ය සම්පත් අඩුවීම හේතුවෙන් තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බව නීතිපතිවරයා පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...