ආපදා තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Date:

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා කාලය තුළ ආපදා මරණ 39ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිවේදනය කළේ, දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇති බවයි.

එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති අතර, තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, පවුල් 136කට අයත් පුද්ගලයින් 472 දෙනෙකු මේ වනවිට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතරවී සිටින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...