ශ්‍රී ලංකන් ගුවන් 2025-26 ශුද්ධ අලාභය බිලියන 23කට අධිකයි

Date:

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශුද්ධ අලාභය 2025/2026 වර්ෂයේ දි රුපියල් බිලියන 23.2 දක්වා වැඩි වි ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.

2024/2025 වර්ෂයේ ගුවන් සමාගමේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 7.6කි. ප්‍රධාන වශයෙන් ඉන්ධන පිරිවැය, ගුවන්තොටුපොළ ගුවන් යානා සහ මගි වියදම් සහ නඩත්තු වියදම් ඉහළයාම හේතුවෙන් 2025/2026 වර්ෂයේ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 307.1 දක්වා ඉහළගොස් ඇත. ගුවන් යානා ඉන්ධන වියදම රුපියල් බිලියන 91.7 සිට රුපියල් බිලියන 96.1 දක්වා ඉහළ ගොස් ඇත. ණය සේවා බැදිම් සහ විනිමය අනුපාත වෙනස්විම් හේතුවෙන් පැන නගින මුල්‍ය පිඩනයට ගුවන් සමාගමට අඛණ්ඩව මුහුණදිමට සිදුවි ඇත.

කෙසේ වුවද කල්බදු ගුවන් යානා සදහා කුලි මුදල රුපියල් බිලියන 3.6 සිට රුපියල් බිලියන 1.9 දක්වා අඩුවි ඇත. එමෙන්ම ගුවන් යානා ආශ්‍රිත මුළු ශුද්ධ ආදායම මෙම වර්ණෂය තුල රුපියල් බිලියන 333.5 දක්වා වර්ධනය වි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...