ආසන පටි නීතිය කඩ කළ 2000 පිරිසකට දඩ

Date:

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කඩ කළ දෙදහසකට ආසන්න පිරිසකට දඩ නියම කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

පසුගිය 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහනවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි.

ඒ අනුව පසුගිය 19 වැනිදා සිට මේ දක්වා කාලයේදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී වාහනවල ආසන පටි තිබියදී එය නොපැලඳ අධිවේගී මාර්ගවල ගමන්ගත් මගීන් දහසකට පමණ එලෙස දඩ නියම කර ඇත.

අධිවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය විසින් අධිවේගී මාර්ගයන්ට ඇතුළු වන ස්ථාන සහ පිටතට පැමිණෙන ස්ථානයේදී සියලුම වාහන පරීක්ෂා කරන අතර ආසන පටි සවි කර නොමැති කිසිදු වාහනයකට අධිවේගී මාර්ගයට ඇතුළු වීමට අවස්ථාව හිමි නොවන බවද පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...