හිතුමනාපෙට ‍රේගුව කෝටි 142ක අතිකාල ගෙවලා

Date:

ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිමකින් තොරව රේගු නිලධාරින් සදහා ඉකුත් වර්ෂයේ දි (2025) අතිකාල දිමනා ලෙස රුපියල් එකසියහතලිස්දෙකෝටි, හැටදෙලක්ෂ, දාසයදහස් හයසිය හැටදෙකක මුදලක් (1,426,216,662) ශ්‍රි ලංකා රේගුව විසින් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම නැව්බඩු පරික්ෂා කිරිමේ ගාස්තු ලෙස රුපියල් නමකෝටි, විසිලක්ෂ,විසිහත්දහස්,හැත්තැහතරක මුදලක් (92,027,074) සහ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් එක්කෝටි විසිනමලක්ෂ,හැත්තැනමදහස් දෙසියක (12,979,200) මුදලක් පැමිණිම හා පිටවිම විධිමත් ලෙස තහවුරු කර ගැනිමකින් තොරව නිලධාරින්ට ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ප්‍රකාරව සියලුම රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරින් පැමිණිම හා පිටවිම සනාථ කිරිම සදහා ඇගිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යෙන් භාවිතා කළයුතුය. සියලු රේගු නිලධාරින් අනිවාර්යෙන් ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ යුතු බවට2023 හා 2024 යන වර්ෂවල පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභා නිර්දේශ තුලද දක්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට අයත් කොළඹ බංගලා 7ක් බදු දීමට සැලසුම්

කොළඹ රජයේ බංගලා හතක් ආර්ථික වශයෙන් උපයෝගී කර ගැනීම...

හෝමූස් වැසීමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

මැදපෙරදිග ඇවිළී ඇති යුධ ගැටුම හේතුවෙන් වසා දමා ඇති...

මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්

පුත්තලම සිට ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා...

ඩෙංගු මර්දන රාජකාරී වලින් PHIලා ඉවත්වෙයි

අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී...