පොලිස් විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

Date:

මත්ද්‍රව්‍ය හා පාතාල මර්දනය කිරීම අරමුණු කරගනිමින් දෛනිකව සිදුකරන පොලිස් මෙහෙයුම් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ඊයේ (03) සිදුකළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අදාළ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලීසියෙත්, පොලිස් විශේෂ කාර්ය බළකායේත් ත්‍රිවිධ හමුදාවේත් 6,644 දෙනෙකු සම්බන්ධ වී තිබේ.

එහිදී පුද්ගලයින් 27,727 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 10,900ක්ද යතුරුපැදි 8,385ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.

එකී වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 971 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකුද වරෙන්තුකරුවන් 449 දෙනෙකුද අත්අඩංගුවට පත්ව තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ රට තුළ ඇති මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහාත් සංවිධානාත්මක අපරාදකරුවන්ගේ ක‍්‍රියාකලාපය මර්ධනය කිරීම සදහාත් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගැනීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අධීක්ෂණය මත ශ‍්‍රී ලංකා පොලීසියේත් ත‍්‍රිවිධ හමුදාවේත් සහභාගීත්වයෙන් මෙහෙයුම් අඛණ්ඩව විශාල වශයෙන් ක‍්‍රියාත්මක කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...