පාසල් නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්

Date:

රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කර ඇත්තේ, 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිත බවය.

ඒ අනුව 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය 2025.12.09 නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වේ.

මීට අමතරව, 2026 වර්ෂයේ දෙවන හා තෙවන වාරයන් 2025.09.11 දිනැති අංක 30/2025 දරන පාසල් වාර සටහන – 2026 චක්‍රලේඛය පරිදිම ක්‍රියාත්මක වන අතර, විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාසල් විභාග පැවැත්වෙන දිනයන්හි වෙනසක් සිදුනොවන බව වැඩිදුරටත් මෙයින් දන්වමු.

ඒ අනුව සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය ඊයේ (22) දින ද, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින ද අවසන් කිරීමට නියමිතය.

මුස්ලිම් පාසල් සඳහා 2025.12.27 දින සිට 2026.01.04 දින දක්වා ද පාසල් නිවාඩු ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක හා රියාද් අතර ගුවන් ගමන් තාවකාලිකව නවතී

මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී තිබෙන යුධමය වාතාවරණය යටතේ ,...

වසරේ නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්...

මෙට්‍රෝ බස් රථ අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස්...

ලෝක තැපැල් දිනය අදයි

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් හැටන් තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේදි ලේ...