ගංවතුර නිසා සහල් මිල ඉහළ යයි

Date:

මෙරට සහල් ඉල්ලුමෙන් සියයට පහක් (5%) සපයනු ලබන පොළොන්නරුව, ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයේ මෝල් සියල්ලම ගංවතුරින් යටවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය නතර වීමෙන් වෙළෙඳපොළේ සහල් කිලෝවක මිල රුපියල් දෙක තුනකින් ඉහළ ගොස් තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේය.

මෙම වී මෝල් ගංවතුරට හසුවන අවස්ථාවේදී ඒවා තුළ රුපියල් බිලියනයක පමණ වී ගබඩා කර තිබූ බවද සභාපතිවරයා පැවසුවේය.

ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපයෙන් මධ්‍ය පරිමාණ මෝල්වලින් පමණක් මෙරට සහල් වෙළෙඳපොළට දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ තුනක සැපයුමක් ලබාදුන් බවද ඔහු කීවේය. ගංවතුරට හසුවූ වී සහ සහල් තොග සියයට 70ක් පමණ ඉවත් කිරීමට සිදුවී තිබෙන බවත්, ඉන් කොටසක් කුකුළු සහ ඌරු ආහාර වශයෙන් නිකුත් කළ බවත්, වී මෝල් අඩි 12ක් පමණ උසට සම්පූර්ණයෙන්ම ගංවතුරින් යටවූ බවත් ඔහු පැවසුවේය.

මෙලෙස වැඩිපුරම විනාශයට ලක්ව ඇත්තේ නාඩු වී බවද මුදිත් පෙරේරා කීවේය.

ගංවතුර හේතුවෙන් වී මෝල්වල යන්ත්‍රෝපකරණ සියල්ල ජලයෙන් යටවූ බවත්, ඒවා මේ වනතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවත් ඔහු පවසා සිටියේය. යන්ත්‍රෝපකරණවල විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ඔහු පැවසුවේය.

මෙම යන්ත්‍රෝපකරණ පවිත්‍රකර නැවත භාවිත කිරීම සම්බන්ධව ගැටලු රැසක් පවතින බවද ඔහු කියා සිටියේය.

අපනයන තත්ත්වයේ සහල් නිෂ්පාදනය කරන ලද වී මෝලක්ද ගංවතුරින් සම්පූර්ණයෙන්ම යටවූ බවද ඔහු පැවසුවේය. මේ සම්බන්ධව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසූ විට එහි ඉහළ නිලධාරියකු කියා සිටියේ ගල්ලෑල්ල කලාපයේ සහල් මෝල් හතකට පමණ ගංවතුරින් විශාල හානියක් සිදුවූ බවය.

වී මෝල්වල බොයිලේරු, ජෙනරේටර් ආදිය ජලයෙන් යටවී තිබෙන බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...