සේවකයන් 150 දෙනකු එකවර සේවයෙන් ඉවත් කිරීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ බරපතළ අර්බුදයක්

Date:

දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරීවල නිරතව සිටි පරිවාස කාලය නිසි පරිදි සම්පූර්ණ නොකළ සේවකයන් 150 දෙනකු එකවර සේවයෙන් ඉවත් කිරීම හේතුවෙන් සේවා නිසි පරිදි පවත්වාගෙන යෑමේ බරපතළ අර්බුදයක් ඇතිවී තිබෙන බව දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු ශ්‍රමිකයන්ගේ පුරප්පාඩු බොහෝමයක් පැවතියදී වසර ගණනාවක් පළපුරුදු ශ්‍රමිකයන් ඉවත් කිරීම කාලෝචිත නොවන බව දුම්රිය ස්වශක්ති සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ජේ. රොබට්ස් පැවසීය.

2014 වසරේදී ආදේශක කම්කරුවන් ලෙස බඳවාගත් මෙම සේවකයින් 2019 වසරේදී වසර තුනක පරිවාස කාලයකට යටත්ව ස්ථිර කළ බවත්, එලෙස පරිවාස කාලය සම්පූර්ණ කළ නොහැකි වූ සේවකයින් 150 දෙනකු දුම්රිය කාර්මික, ඉලෙක්ට්‍රික්කරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ස්ථිර නොමැතිව රාජකාරි කළ බවත් හෙතෙම කීවේය.

වයස අවුරුදු 60 ඉක්මවූ දුම්රිය සේවකයන්ටද අවශ්‍යතාව මත සේවා දිගු ලබාදෙන පසුබිමක දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ පළපුරුදු මෙම සේවකයින් 150 දෙනා ඉවත් කිරීම දැඩි අසාධාරණ ක්‍රියාමාර්ගයක් බවද මොවුන් සම්බන්ධයෙන් සහනදායී තීරණයක් ගන්නැයි තමන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලීම් කළ බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට අයත් කොළඹ බංගලා 7ක් බදු දීමට සැලසුම්

කොළඹ රජයේ බංගලා හතක් ආර්ථික වශයෙන් උපයෝගී කර ගැනීම...

හෝමූස් වැසීමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

මැදපෙරදිග ඇවිළී ඇති යුධ ගැටුම හේතුවෙන් වසා දමා ඇති...

මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්

පුත්තලම සිට ගාල්ල, මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා...

ඩෙංගු මර්දන රාජකාරී වලින් PHIලා ඉවත්වෙයි

අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී...