වසර 15කට පසු මහේලගේ තැන ගත් පැතුම්

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නවතම ශ්‍රේණිගතකිරීම් ඊයේ (8 වැනිදා) නිකුත් කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක එහි විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි 4වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඒ අනුව මෑත කාලීන ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම් ස්ථානය හිමිකර ගැනීමට පැතුම් සමත්වීම විශේෂත්වයකි.

මෙම ශ්‍රේණිගතකිරීම් අනුව ප්‍රසාද ලකුණු 789ක් ලබා සිටින පැතුම් (පසුගිය සතියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරග නොපැවැතුණද) අවසන් ශ්‍රේණිගත කිරීමට වඩා ප්‍රසාද ලකුණු 10ක් එක්වෙමින් එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් පසුකරමින් මෙම ස්ථානය හිමිකරගෙන සිටියි. ශ්‍රේණිගත කිරීම්හිදී, ඉන්දීය ක්‍රීඩක අභිෂේක් ශර්මා ප්‍රසාද ලකුණු 926ක් සමගින් එහි ප්‍රථම ස්ථානයත්, දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් එංගලන්ත ක්‍රීඩක පිල් සෝල්ට් සහ ඉන්දීය ක්‍රීඩක තිලක් වර්මාට හිමිව ඇත.

පැතුම් දැනට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ලද ඉහළම ශ්‍රේණිගත කිරීම් ස්ථානය වන 5වැනි ස්ථානය මින් පෙර ලබා සිටි අතර, කුසල් පෙරේරා ද මින් පෙර එම ස්ථානයට හිමිකම් කීවේය. එහෙත් මෑත කාලීන ක්‍රීඩකයකු 2013 වසරෙන් පසු ලබාගත් ඉහළම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම බවට මෙය වාර්තා අතරට පත්වේ. මින් පෙර 2009 වසරේදී තිලකරත්න දිල්ශාන් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයට පත් වූ අතර, එම වසරේම සනත් ජයසූරිය දෙවැනි ස්ථානයටත් කුමාර් සංගක්කාර තෙවැනි ස්ථානයටත් පත්වූහ. 2010 වසරේදී මහේල ජයවර්ධන සිව්වැනි ස්ථානයට හිමිකම් කී අතර, ඒ අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානයට පත්වනුයේ වසර 15කට පසුවීම විශේෂත්වයකි.

පැතුම්ට අමතරව කුසල් පෙරේරා එහි 9 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වනිඳු හසරංග 6 වැනි ස්ථානයේත් නුවන් තුෂාර 8 වැනි ස්ථානයේත් රැඳී සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...